Zhou Qunfei (චීන ව්‍යාපාරිකාවක්)


1970 වසරේදී චීනයේ එක්තරා කුඩා ගම්මානයක , දුප්පත් පවුලක ගැහැනු දරුවෙක් උපන්නා. හැමෝම කීවේ ඇගේ උපත පවුලට වාසනාවක් කියලා. නමුත් ඇයට වසර පහක් ගතවන්නටත් පෙර ඇගේ මව ජීවිතයෙන් සමුගත්තා. ඇගේ පියා අනතුරකට ලක් වීමෙන් ඔහු සදහටම අන්ද වුනා. දවසින් දවස අගහිගකම් වැඩිවෙන්න පටන්ගත්තා.
ඇය දරුවෙක් විදිහට හැකි උපරිමයෙන් උත්සාහ කලා මේ තත්වයෙන් ගොඩ එන්න. අවසානයේ ඇය ඇගේ ජීවිතය ගැන තීරණයක් ගත්තා. ඇය සිතන්න පටන් ගත්තා හැමදාම කරන දේ කරනවාට වඩා තමන් පිලිබදව විශ්වාසය තියලා, මේ ජීවිතය වෙනස් කරන්න අවශ්‍ය උපරිම දේ කරනවා කියලා.

ඒ වෙනකොට ඇයට ඉගෙනගෙන හොද රැකියාවක් කරන්නට තරම් හැකියාවක් තිබුනේ නෑ. ඒ නිසා ඇය තීරනය කලා තමන්ගේ පාසල් ගමන පවා නවතා දමන්නට , නමුත් ඒ හරහා ඇය ඉගෙන ගැනීම නවතා දමන්නට තීරනය කලේ නෑ. ඇය රැකියාවක් කලා , ඇයට එයින් දවසකට ඩොලර් 1ක් උපයන්න පුලුවන් වුනා, නමුත් ඒ අතර ඇය ඒ හරහා ඉගෙන ගන්න පුලුවන් හැමදෙයක්ම ඉගෙන ගත්තා. ටික කාලයක් යන විට ඇය රැකියාව කරන සමාගම වැරදි කලමනාකරන තීරන නිසා වසාදමන තත්වයට පත්වුනා. ඇයගේ රැකියාවත් අහිමිවුනා. නමුත් ඇය ඒ වනවිට රැකියාව හරහා උපයා ගත් දැනුම එයට ඉඩ හැරියේ නෑ. ඇය ඇගේ නමින් නැවතත් එම නිශ්පාදනයම කරන සමාගමක් කුඩාවට ආරම්භ කලා..

ඇය නිශ්පාදනය කලේ ඔරලෝසු වල ඉදිරියේ ඇති වීදුරු තිරය. ඇයට ටික කාලයක් යන විට විවිද දුශ්කරතා මැද වුවත් ජංගම දුරකතන වල තිරයන් නිශ්පාදනය දක්වා දියුනු කර ගන්න. ඇය මේ නිශ්පාදනය පවත්වාගෙන යන්නට ඇගේ නිවස පවා අවස්ථා දෙකකදී විකුනා දැමුවා. මොකද ඇය සිටියේ 100% තමා පිලිබදව විශ්වාසයෙන්. තමා කෙලෙස හෝ සාර්ථක වෙන බවට ඇය තුල විශ්වාසයක් තිබුනා. අද වන විට ඇය දැනට ලොව සිටින දනවත්ම තම ශක්තියෙන් ගොඩ නැගුනු බිලියනපතිනිය. අද වන විට ඇයගේ සමාගම නිශ්පාදනය කරන ජංගම දුරකතන තිර ලොව පුරා සෑම ප්‍රසිද්ද දුරකතන සමාගමක්ම භාවිතා කරනවා. එමෙන්ම ලොවට මුල් වරට touch screen තිරයන් හදුන්වා දුන්නේද ඇයගේ සමාගම මගින්. ඇය නමින් Zhou Qunfei ඇගේ ශුද්ද වත්කම අදවන විට රුපියල් වලින් නම් 146,735,000,000.00 පමන වනවා.


ජීවිතේ ඕනෑම මොහොතක තමා පිලිබද විශ්වාසයෙන් අභියෝග බාර ගන්න. එවිට ඔබට නිසකවම සාර්ථක වන්නට හැකිවනු ඇත.

උපුටා ගැනුමකි.

Comments

Post a Comment