ඔහු KFC නිර්මාතෘ...... කනල් සැන්ඩර්ස්

අවුරුදු 18දී ඔහු දුම්රිය මාර්ග කි්රකරවන්නකු ලෙස කටයුතු කර අසමත් වුණා.

පසුව හමුදාවට ගියත් හමුදාවෙනුත් ඔහු නෙරපා හැරියා.

ඔහු නීති විද්‍යාලයට අැතුළත් වීමට ගත් උත්සහය ද අසාර්ථක වුණා.

පසුව රක්ෂණ සමාගමක වෙළද නියෝජිතයක් වූ අතර එමගින් ද අසාර්ථක වුණා.

අවුරුදු 19දී ඔහු පීතෘ පදවියට පත් වුණා.

අවුරුදු 20දී ඔහුගේ භාර්යාව ඔහුගේ දියණිය ද රැගෙන ඔහුව අත්හැර ගියා.

 පසුව අවන්හලක කෝකියක් හා පිගන් සෝදන්නකු ලෙස කටයුතු කළා.

 අවුරුදු 65දී ඔහු විශ්‍රාම දිවියට අැතුළු වුණා.

 එතකොට ඔහුට එක්වරක් පමණක් ලැබෙන විශ්‍රාම දීමනාවක් ලැබුණා.

ඔහු ජීවිතයේ දිගින් දිගටම අසාර්ථක වුණ නිසා තවදුරටත් ජීවිත් වී පලක් නැතැයි සිතා සියදිවි නසා ගැනීමට පවා තීරණය කළා.

දිනක් ඔහු ගසක් යටට වී තම අවසන් කැමති පත්‍රය ලියන්නට වුණා.

නමුත් එ් වෙනුවට ඔහු තම ජීවිතයේ තමාට ළගා කරගත හැකිව තිබූ දෑ ලියන්නට පටන් ගත්තා.

එහෙම ලියන අතරතුර ඔහු තමන් විසින් බෝහෝ දෑ නොකර සිටි බව වටහා ගත් අතර එසේම ඔහු තමන් දන්නා සියල්ලටම වඩා තමන් එක් දෙයකට දක්ෂ බව දැන ගත්තා.
එනම් කෑම පිසීමයි.

ඔහු තම විශ්‍රාම දීමනාවෙන් කොටසක් අැපයට තබා ඉන් කුකුල් මස් මිලට ගෙන ඔහුගේ ම කෑම වට්ටෝරුවකට බැදපු කුකුල් මස් හැදුවා.


මෙසේ සෑදූ බැදපු කුකුල් මස් තම අසල්වැසියන්ට විකිණීමට ගෙයින් ගෙට ගියා.

ඔහු  KFC නිර්මාතෘ කනල් සැන්ඩර්ස්.


අවුරුදු 65දී සියදිවි නසා ගැනීමට තීරණය කළ ඔහු අවුරුදු 88දී KFC අායතයේ හිමිකරු ලෙස බිලියනපතියකු වුණා.


මුල සිට අාරම්භ කරන්න කිසිම කෙනෙක් තාමත් ප්‍රමාද නැත. වැදගත් වන්නේ තමන් ලෝකෙ දිහා බලන විදිහයි. කොච්චර අමාරු වුණත් උත්සහය අත්හරින්න එපා. සාර්ථක පුද්ගලයෙක් වෙන්න අවශ්‍ය සියලු දේ ඔබ වටාම අැත.
ඔබව විශ්වාස කරන්න.නොදැනීම ඔබේ දියුණුවක් සිදුවෙයි.

Comments

Post a Comment