ලොව සිටින ළාබාල මිලියනපතියන්ගෙන් කීපදෙනෙක්ගේ තතු

Forbes 400 වසරින් වසර තරුණ වනවාදැයි සිතෙන තරමට නව බිලියනපතියන් ලොව පුරා බිහිවෙමින් පවතී. වයස අවුරුදු 40ට අඩු ධනවතුන් 17 දෙනෙක් මෙවර ලැයිස්තුවට ඇතුලත් වන්නේ පසුගිය වර්ෂයේ සිටි 11 දෙනාගේ වාර්තාව බිඳ හෙලමින්.

අනෙක් වැදගත්ම කාරණාව වන්නේ මෙම 17 දෙනාගෙන් 12 දෙනෙක්ම තාක්ෂණ කර්මාන්ත මගින් ධනවතුන් වීමයි. 

මේ අතර අවිවාදයෙන් යුතුව ඉදිරියෙන්ම සිටින්නේ Facebookහි Mark Zuckerburg (වයස අවුරුදු 31) ඩොලර් බිලියන 40.3ක ශුද්ධ වත්කම් ප්‍රමාණයකට හිමිකම් කියමින්. Facebook කොටස් පසුගිය සමයේ 25%කින් ඉහල ගිය අතර දිනකට බිලියනයක පමණ පරිශීලකයන් ප්‍රමාණයක් ද අත්පත් කරගෙන සිටිනවා. මේ අනුව ඔහු ප්‍රථම වතාවට පළමු 10 දෙනා අතරට පැමිණ සිටිනවා.

Zuckerberg සහ ඔහුගේ බිරිඳ Priscilla Chan මිලියන ගණනින් අධ්‍යාපනය සඳහා මුදල් වැයකළ අතර Internet.org නම් ව්‍යාපෘතිය මගින් අන්තර්ජාලය ලොව සියල්ලන්ටම සැලසෙන පහසුකමක් බවට පත් කිරීමටත් උත්සහ කරමින් සිටිනවා.

Facebook සඳහා දායක වූ තවත් Harvard සිසුන් දෙදෙනෙක් සිටිනවා. ඒ අතරින් Dustin Moskovitz 2008 වසරේදී Asana නම් මෘදුකාංග ආයතනයක් ආරම්භ කරන අතර ඔහුගේ ශුද්ධ වත්කම් ඩොලර් බිලියන 8.4ක ප්‍රමාණයක් වනවා. අනෙක් තැනැත්තා වන Sean Parkerගේ ශුද්ධ වත්කම් ප්‍රමාණය ඩොලර් බිලියන 2.5ක් වනවා.

27 වියැති Bobby Murphy සහ ලොව ලාබාලතම බිලියනපතියා වන 25 වියැති Evan Spiegel හඳුන්වා දුන් Snapchat දැන් දැන් Facebook සමග සටන් වැදීමට සිටින මීළඟ මෘදුකාංගයයි.  Evan සතු ශුද්ධ වත්කම් ප්‍රමාණය ඩොලර් බිලියන 2.1කි.

සන්නිවේදනයේ තම ධනපති සලකුණ සනිටුහන් කරන මීළඟ තැනැත්තා වනුයේ Jan Koum - Whatsapp නිර්මාපකයායි. මිලියන 900ක පරිශීලකයන් ප්‍රමාණයක් ලොව පුරා භාවිතා කරන මෙම මෘදුකාංගයේ හිමිකරුවා වන මොහු 39 වන වියේදී ඩොලර් බිලියන 7.7ක ශුද්ධ වත්කම් ප්‍රමාණයක් හිමිකරගෙන ලොව ධනවතුන්ගේ ලැයිස්තුවට එකතු වනවා.

මීට අමතරව වඩා ජනප්‍රිය නොවුවත් තම ව්‍යාපාරික කටයුතු මගින් ඩොලර් බිලියන 3.3ක ශුද්ධ වත්කම් ප්‍රමාණයන් සම සමව හිමිකරගෙන Airbnb නිර්මාපකයින් වන Nathan Blecharczyk, Brian Chesky සහ Joe Gebbia සමත් වනවා.

එමෙන්ම Uber නිර්මාතෘ Travis Kalanick ඩොලර් බිලියන 3 සිට 6 දක්වා සිය ශුද්ධ වත්කම් ප්‍රමාණය වදිකරග්නිමින් Forbes 400 වෙත එක් වනවා. Uber මුර්ත වටිනාකම ඩොලර් බිලියන 50ක් පමණ වන බවද සිහිපත් කල යුතුමයි.


එමෙන්ම ස්වයං ව්‍යවසායකයින් දා මෙම ධනවත් ලැයිස්තුවට එක්වනවා. ලොව ලාබාලතම කාන්තා ස්වයං ව්‍යවසායක බිලියනපතිනිය බවට පත් වන්නේ Elizabeth Holmes නම් රුධිර පරීක්ෂණ සමාගමක් පවත්වාගෙන යන්නියකි. ඇය මෙම ලාබාලතම බිලියනපතියන් අතරේ එකම කාන්තාවයි. 31 වියැති ඇයගේ ශුද්ධ වත්කම් ප්‍රමාණය ඩොලර් බිලියන 4.5කි. එමෙන්ම ඇය ලොව සුන්දරම බිලියනපතිනියන් 10 දෙනා අතරේද සිටිනවා.

ලෝකය ස්වයං ව්‍යවසායකයින් අතරින් ද බිලියනපතියන් බිහිකළ හැකිනම් ඕනෑම අයෙකුට එම ස්ථානයට ලඟා විය හැකියයි විශ්වාසයක් නිතැතින්ම ඇති වනවා.

උපුටා ගැනීම:-https://buz360.blogspot.com

Comments