Jack Ma(ජැක් මා)

චීනය ගැන දැනගැනිමට ලෝකයේ මිනිසුන් විතරක් නෙමෙයි චීනයේ ම ජනතාව දැක්වූයේ අති විශාල උනන්දුවක්. වෙබ් අඩවිය නිකුත් කොට විනාඩි කිහිපයක් ඉක්ම යත්ම ඒ ගැන වැඩි තොරතුරු අසමින් විවිධ පිරිස් එවූ ඊ මේල් පණිවිඩ උතුරා යන්නට වුණා.

මේ තමයි මට ඕනෙ කරපු දේ. 'අන්තර්ජාලය'

ජැක් මා තේරුම් ගත්තා.' මේ සරු පසේ මම කොහොම හරි පැළවෙන්න ඕනේ. මාව නොසලකා හැරි මිනිසුන්ට අත දිගු කොට හෝ මා ස්පර්ශ කළ නොහැකි තරම් විශාල වනස්පතියක් වෙනතුරු මම මගේ උත්සාහය අත හරින්නේ නැහැ. '

එදා අසාර්ථක මිනිසා, ප්‍රතික්ෂේපිත මිනිසා එලෙස තමන්ගේ ඉලක්කය හඳුනා ගත්තා. ඒ විතරක් නෙමෙයි ඔහු අභියෝගය ජයගත්තා.

ස්ථිර රැකියාවක් නැතත් ඔහු ඒ වන විටත් විවාහකයි. ආයමෙත් සියලු සේසත හූරල අරගෙන ජැක් මා ඩොලර් 20000ක් හොයගත්තා. ඔහුගේ යාලුවෙකුත් බිරියත් ඔහුගේ කොටස්කාරයින් වුණා. ඒ මුදලින් ඔහු අන්තර්ජාල ව්‍යාපරික ආයතනයක් ආරම්භ කළා. අරමුණ වුණේ පෞද්ගලික ආයතනවලට වෙබ් අඩවි නිර්මාණය කිරීම. ඔහු ඒ ආයතනය නම් කළේ 'චයිනා යෙලෝ පේජස්' නමින්. ඔහු අවුරුදු තුනක් ඇතුළට ඩොලර් ලක්ෂ අටක් උපයා ගත්තා. පසුව ඔහු මේ ආයතනය ඇමෙරිකාව දක්වා ව්‍යප්ත කළා. එයින් ලැබුණු මුදලින් ඔහු තමන්ගේ ව්‍යාපාරය වැඩි දියුණු කළා. 1998 දී ඔහු තම ආයතනය චයිනා ඉන්ටර්නැෂනල් ඉලෙක්ට්‍රොනික් කොමර්ස් සෙන්ට්ර් යනුවෙන් අලුත් කළා. මේ සියල්ල අවසානයේ ඔහුගේ සාර්ථකත්වයේ උපරිමය අලිබබා අන්තර්ජාල ආයතනය ඔහු 1999දී ආරම්භ කළා.
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEhfRA4V5u2E-sHSwDxyowqqzTXnV0vKrUK0P-3uzr9Ci32iajRjSeUqN9dAcyx5cJbSPPSxU8RICfXnmPYcLC5RkEFn2zQVnlxweMvmX5CzpQ9nOOjsah-mbs8b36lqZ_7AyLYWwz-rLR4/s1600/library_logos_alibabaev_large.png

ඔහුගේ ගමන සීඝ්‍රයි. තමන්ට අනන්‍ය වේදිකාවක් ලැබෙන තුරු ඔහු ඉවසුවා. නටන්න පටන් ගත්තේ ඊට පස්සේ. ඒකයි ඔහුගේ සාර්ථකත්වය. හැමෝම කරන දේ කරන්න ගියේ නැහැ. ඔහු හෙව්වේ ඉඩක් තියෙන තැනක්. අද බොහෝ දෙනා වෙනස් දෙයක් කරන්නත් බයයි. හැමෝම යන පාරේ යන්න තමයි වැඩි දෙනා කැමති. එහෙම ගිහින් කොහේ හරි නවතින්න. හරි අදහසක් නැහැ. අනන්‍යතාවක් ගැන හිතන්නේවත් නැහැ. වෙනස් වෙන්න බයයි. වරදිනවට බයයි. ආපහු නැගිටින්න මහන්සිවෙන්න කම්මැලියි.

ජැක් මා මේ සියල්ලෙන් ව්‍යුක්තයි.ඔහු අභියෝගවලට බය වුණේ නැහැ. කම්මැළි වුණෙත් නැහැ. ඔහු කළේ බොහෝ දෙනා කරන්න බය වුණු දේ. ඔහු අලිබබා අන්තර්ජාල සේවා අයාතනය ආරම්භ කළේ සේවකයන් 17 දෙනෙක්ගෙන්. වසරක් ඉක්ම යනකොට රටවල් 240කටත් වඩා තමන්ගේ ආයතනය ව්‍යාප්ත කරන්න ඔහුට හැකියාව ලැබුණා. සාමාජිකයන්ගේ සංඛ්‍යාව කොතෙක්ද දන්නවද? මිලියන 79ක්. ඒ වසරක් තුළ දී පමණයි. දැන් තවත් වසර 16ක් ගෙවී ගිහින්. ජැක් මා ගේ දියුණුව ගැන අමුතුවෙන් කියන්න ඕනෙ නැහැ.

ජැක් මා ලෝකයට හඳුන්වා දුන්නේ අලුත්ම ව්‍යාපාරික ක්ෂේත්‍රයක්. ඒකට කියනවා ඊ- ව්‍යාපාර කියලා. එහෙමත් නැත්නම් e business. ඔහුත් නොහිතපු විදිහට ඔහුට ලොකුම වෙළෙඳ පොළ ලැබුණේ චීනයෙන්. චීනයේ හැටි එහෙමයි. ඉක්මනින් වෙනස් වෙන්න කැමති මිනිස්සු ඉන්නේ. අලුත් ට්‍රෙන්ඩ්ස් ඉක්මනින්ම අල්ලා ගන්න ඔවුන් කැමතියි.

ජැක් මා ගේ අලිබබා සමගාම 2012 වන විට අන්තර්ජාල මූල්‍ය ගනුදෙනු ප්‍රමාණය චීන යුවාන් ට්‍රිලියනය ඉක්මවූවා. එදා වේටර්වරයකු ලෙස බඳවා ගැනීමෙන් පවා ප්‍රතික්ෂේප වූ තරුණයා හිතා ගන්න බැරි තරම් ධනවතෙක්. උත්සාහයද? දෛවයද? පිළිතුරු නැති තරම්.

අද ඔහු ලෝකයේ අතිශයින් පිළිගැනීමට ලක් වූ පුද්ගලයෙක්. චිනයේ පමණක් නොවෙයි ලෝකයේ බොහෝ රටවල විශ්ව විද්‍යාලවල දේශන පැවැත්වීමට ඔහුට ආරාධන ලැබෙනවා. ඔහු ඒ සියල්ල බාර ගන්නේ ඉතාම නිහතමානීව. තමන්ගේ උත්සාහයේ ආදර්ශය තවත් අයට බෙදා දෙන්න ජැක් මා දෙපාරක් හිතන්නේ නැහැ. ඇයි ඔහුට පුද දුන් සම්මාන? ‍කොච්චරක්ද?

ඔහුගේ දියුණුව හරියට පඩිපෙළක් නගිනවා වගේ

2004 දී ඔහු චීනයේ හොඳම ව්‍යාපාරිකයන් 10දෙනා අතරට එක් වෙනවා.

2005දී ආසියාවේ ප්‍රබලතම ව්‍යාපාරිකයන් 100 අතරට පැමිණෙනවා.

2009 දී ඔහු ලෝකයේ හොඳම ව්‍යාපාරිකයන් 100 අතරට පැමිණෙනවා.

2014දී ඔහු ලෝකයේ ප්‍රබලතම පුද්ගලයන් 30අතරට එක්වෙනවා.

ඒ විතරක් නොවෙයි මේ වන විට ඔහු ලෝකයේ 18වැනි ධනවතා.

මට හිතෙන විදිහට තවත් ඔහු ගැන කිව යුතු නැහැ. දැන් ඔබට තියෙන්නේ හිතන්න. උත්සාහයට කොතරම් දේ කළ හැකිද? ඔව් ගොඩක් දේ. නොහැතින තරම් දේ.....

වාසනාවත් තියෙන්න ඕනේ කියලා කෙනෙක් තර්ක කරයි. හරි මම එකඟයි. වාසනාවත් ඕනේ තමයි. ජැක් මා තරම්ම වෙන්න බැරි වුණත් සමහරවිට ඔබේ සිහින සැබෑ කරගන්න පුළුවන් තරමට ඔබට සාර්ථක වෙන්න හැකි වේවි.

ජැක් මා වගේ වෙන්න

බය නැතිව උත්සාහ කරන්න

වාසනාව කියන්නෙත් උත්සාහයේ තවත් එක් මුහුණුවරක් තමයි.


http://m.tharunaya.us

Comments