වයස 15දී කෝක් ටින් විකුණපු කෝටිපතියා


කොල්ලෙක් වුණාම ජීවිතේ ගොඩයන්න නම් හොඳ ජොබ් එකක් කරලා සල්ලි ටිකක් හොයාගන්න ඕනි. මොකද සල්ලි නැත්තම් අනාගතේදී කරන්න යන දේවල් අපිට හීනයක් විතරක් වෙනවා.
වාහනයක් ගන්න, අලුත් ගෙයක් හදාගන්න, පිටරටක ටුවර් එකක් යන්න වගේම යාළුවෝ එක්ක ආඩම්බරෙන් ජීවත්වෙන ගමන් තමන් විවාහවන බිරිඳටත් හොඳට සලකන්න ඉතින් සල්ලි තියෙන්න ඕනි.
සමහර අය ඒ වෙනුවෙන් තමන්ගේ ජීවිත කාලෙම කැපකරනවා. ඒ නිසාම ඔවුන්ට නොදැනීම වයසට ගියත් තමන්ට කියලා ඉතිරි කරගත්ත දෙයක් නැති වෙනවා. ඒත් අපි මේ කියන්න යන්න පුංචි කාලේ ඉඳලම ඉලක්කෙකට වැඩකරලා ජීවිතේ ගොඩගියපු තරුණයෙන් ගැන.
ඔහු නමින් Jordan Grives. වයස අවුරුදු 27ක්. මේ තරුණයා ජීවත් වුණේ ඕස්ට්‍රේලියාවේ. ඔහු රැකියාවක් කරන්න පටන්ගත්තේ වයස අවුරුදු 15 දී. ඒ තමන් ගියපු පාසැලේ අයට කෝකාකෝලා විකුණලා.
ඒ පුංචි රැකියාවෙන් ඔහුට ඩොලර් 200ක ආදායමක් උපයන්න පුලුවන් වුණා. ඒ ගාන ලංකාවේ මුදලින් නම් රු.29,000ක් විතර වෙනවා. මේක කියවන ඔබ කොහෙත්ම ඒ වයසෙදි මේ තරම් ගානක් නම් උපයන්න නැතිව ඇති. ඒ තමයි ඔහුගේ කැපවීම.
වසර 12කට පස්සේ, ඒ කියන්නේ දැන් Jordan Grives කෝටිපතියෙක්. ඒ ඔහුගේ උත්සාහයෙන් ගොඩනගපු දුරකථන සමාගම නිසා. ඒකේ නම Fonebox.
2008 දී මේ කම්පැනිය ආරම්භ කරද්දි ඔහුට වයස අවුරුදු 19ක්. මේ වෙද්දි ඒ සමාගම වාර්ෂික ඩොලර් මිලියන 10ක් උපයනවා. තමන් මහන්සියෙන් හම්බකරපු ඒ වත්කම ඔහු පහුගිය දවසක විකුණලා දැම්මා. ඒ ඩොලර් මිලියන 30කට.

වයස අවුරුදු 27යි, ඔහු දැන් පදින්නේ ලැම්බොගිනියක්, සුඛෝපභෝගී නිවසක ජීවත්වෙලා යහමින් මුදල් වියදම් කරන ඔහු ජීවිතේ කරන්න තියෙන හැමදේම කරලා දැන් තවත් ව්‍යාපාරයක් පටන්ගන්න තමයි හිතන් ඉන්නේ.
පුංචි වයසක් වුනත් ඉලක්කෙකට වැඩකරපු නිසා ඔහු අද කොටිපතියෙක්, පටන්ගත්තේ කෝකාකෝලා ටින් විකුණලා, ඒ නිසා ඔබටත් බැරි නැහැ.

උපුටා ගැනීම =www.citizen.com

Comments