Donald Trump(ඩොනල්ඩ් ට්‍රම්ප් )


 



Donald Trump September 3 2015.jpg

























ළමා අවධිය


වර්ෂ 1946 ජූනි මස 14 වන දින නිව්යෝක් නුවර ජනාවාසයක් වන ජමෙයිකා එස්ටේට්ස්, කුවින්ස් හි ට්‍රම්ප් උපත ලැබීය. ඔහු ගෘහණියක් හා ධානපතිනියක වූ මේරි ට්‍රම්ප් (විවාහයට පෙර මක්ලවුඩ්, 1912–2000) සහ ඉඩකඩම් සංවර්ධකයෙක් වූ ෆ්‍රෙඩ් ට්‍රම්ප් (1905–1999) යන විවාහක යුවලගේ ළමුන් පස් දෙනාගෙන් සතර වැන්නාය.
මේරි ස්කොට්ලන්තයේ ලුවිස් දූපතේ පිහිටා ඇති ටොන්ග් ග්‍රාමයේ උපත ලැබූවකි. වර්ෂ 1930 දී ඇයට වයස අවුරුදු 18 දී අමෙරිකාවට සංක්‍රමණය කළ ඇය එහිදී ගෘහ සේවිකාවක් ලෙස වසර හතරකට වඩා වැඩි කාලයක් සේවය කළාය. එහිදී ෆ්‍රෙඩ්ව දැන හඳුනාගත් ඇය 1936 දී ඔහු සමග විවාහ වී කුවින්ස් හි පිහිටි ජමෙයිකා එස්ටේට්ස් හි පදිංචි වූවාය. කාලයාගේ ඇවෑමෙන් ෆ්‍රෙඩ් නගරයේ විශාලතම ඉඩකඩම් සංවර්ධකයෙක් විය.වර්ෂ 1942 මාර්තු මස 10 වන දින මේරි එක්සත් ජනපද පුරවැසිභාවය ලැබුවාය.

                පෞද්ගලික ජීවිතය

පවුල

ට්‍රම්ප් හට විවාහයන් තුනකින් දරුවන් පස් දෙනෙක් ඇති අතර ඔහුට සිටින මුණුබුරන් ගණන අට දෙනෙකි. ඔහුගේ පළමු විවාහයන් දෙක දික්කසාදයෙන් කෙළවර වූ අතර එම සිදුවීම් ටැබ්ලොයිඩ් මාධ්‍ය හරහා ප්‍රසිද්ධ විය.
ට්‍රම්ප් තම ප්‍රථම භාර්යාව වන ඉවානා සෙල්නීච්කෝවා නම් චෙක් ජාතික නිරූපිකාව සමග වර්ෂ 1977 අප්‍රේල් 7 වන දින නිව්යෝර්ක් නුවර මෑන්හැටන් හි පිහිටි මාර්බල් විද්‍යාලයීය පල්ලියේදී විවාහ වූ අතර එම මංගල්‍යය මෙහෙයවූයේ අමෙරිකාවෙ සුප්‍රසිද්ධ දේවගැති තැනක් වන නෝර්මන් විල්සන් පීල් විසිනි. ඔවුන්ට දරුවන් තිදෙනෙකි: පුත් ඩොනල්ඩ්, කණිටු (උපත: 1977 දෙසැම්බර් 31), දියණි ඉවංකා (උපත: 1981 ඔක්තෝම්බර් 30) සහ පුත් එරික් ට්‍රම්ප් (උපත: 1984 ජනවාරි 6). ඔවුහු තිදෙනම දැන් ට්‍රම්ප් සංවිධානයෙහි විධායක උපසභාපති වරුන් ලෙස කටයුතු කරන්නෝය. ඉවංකා තම දියණියක් නොවුනා නම් ඈ සමග පෙම් ඇසුරක් පැවැත්වීමට තමා කොපමණ ආශා කරන්නේද යැයි නැවත නැවතත් විහිලු කිරීම පිළිබඳ ට්‍රම්ප් විවේචනයට ලක්ව ඇත.වර්ෂ 1988 දී ඉවානා එක්සත් ජනපද පුරවැසිභාවය ලැබුවාය.

ආගමික අදහස්

ට්‍රම්ප් ප්‍රෙස්බිටේරියානු සභාවට අයත් අයෙකි. කුවින්ස් හි ජමෙයිකා ජනාවාසයේ පිහිටා ඇති පළමු ප්‍රෙස්බිටේරියානු පල්ලියට යෑම තමා ළමා කාලයේදී ආරම්භ කළ බව ඔහු විසින් පවසා ඇත. එම පල්ලියේ ඉරිදා දහම් පාසලට සහභාගී වූ ට්‍රම්ප් එහිදීම අභිවුර්දි ආලේපය ලැබුවේය.

සෞඛ්‍යය

ඔහුගේ වෛද්‍යවරයා වන හැරල්ඩ් බොර්ස්ටයින් M.D. විසින් සකසන ලද වෛද්‍ය වාර්තාවකට අනුව ට්‍රම්ප්ගේ රුධිර පීඩනය, අක්මාවේ හා තයිරොයිඩ් ග්‍රන්ථියේ ක්‍රියාකාරීත්වය සාමාන්‍ය පරාසය තුළ පවතින බව පෙනී ඇත. ට්‍රම්ප් පවසන ආකාරයට ඔහු විසින් කිසිදා දුම්වැටි, කංසා හා වෙනත් මත්ද්‍රව්‍ය පරිභෝජනය කර නොමැත. ඔහු මත්පැන් පානය කරන්නේ නැත. ඔහු තුළ විසබීජ වලට ඇති බියට නැඹුරුකමක් පෙන්නුම් කෙරෙන අතර අන් අය සමග අතට අතදී ආචාර කිරීමට වැඩි කැමැත්තක් ඔහු නොදක්වයි.

 විකිපීඩියා, නිදහස් විශ්වකෝෂය වෙතින්





උපත ඩොනල්ඩ් ජෝන් ට්‍රම්ප්
ජුනි 14, 1946 (අවුරුදු 70)
ක්වීන්ස්, නිව්යෝර්ක් නගරය, එක්සත් ජනපදය
නිවහන
උගත් ශාස්ත්‍රාලය ෆෝඩම් විශ්වවිද්‍යාලය (මාරු විය)
පෙන්සිල්වේනියා විශ්වවිද්‍යාලය (බී.එස්.)
වෘත්තිය
සක්‍රීය වසර 1968–වර්තමානය
වත්කම $250 මිලියන
ශුද්ධ වටිනාකම $4.5 බිලියන (ෆෝබ්ස් 2015 ඔක්තෝබර්)
දේශපාලන පක්ෂය Republican (1987–1999;
2009–11; 2012–වර්තමානය)[2]

පසුගිය දේශපාලනික සම්බන්ධතා:
Reform (1999–2001)[2]
Democratic
(1987 ට පෙර;[3] 2001–09[2])
Independent (2011–12)[2]
ආගම ප්‍රෙස්බිටේරියානු සභාව
කලත්‍රයා(යන්)
දරුවන් සෙල්නීච්කෝවා සමග;
ඩොනල්ඩ් ට්‍රම්ප්, කණිටු
ඉවංකා ට්‍රම්ප්
එරික් ට්‍රම්ප්
මේපල්ස් සමග;
ටිෆනි ට්‍රම්ප්
ක්නවුස් සමග;
බැරන් විලියම් ට්‍රම්ප්
(s)
නෑයන්
වෙබ් අඩවිය Official website
අත්සන
Donald Trump Signature.svg

Comments